අලුත් පොස්ට් Sidebar එකට Add කරන හැටි

ඔයාගේ WordPress web site එකට ඔයාගේ අලුත්ම පොස්ට් ලස්සනට image එකක් එක්ක add කරන්නේ කොහොමද කියල මේ WordPress Sinhala Tutorial එකෙන් ඔයාලට දන ගන්න පුළුවන්.

මේ විදියට sidebar එකට පොස්ට් add කරන එකෙන් අපේ site එකට එන අයට රුකුලක් වෙනවා මේ පොස්ට් කියවන්න උනන්දු කරන්න.

අපි මේකට පාවිච්චි කරන්නේ “Recent Posts Widget Extendedකියන plugin එක.

Install Recent Posts Widget Extended

මුලින්ම Plugins -> Add New යන්න. එතන search box එකේ “Recent Posts Widget Extended” කියල search කරන්න. එතකොට මේ වගේ ඔයාට plugin එක බල ගන්න පුළුවන්.

දැන් Install කරලා Activate කරන්න.

Recent Posts Widget Extended Settings 

දැන් අපි Plugin එක Install කරගෙන ඉවරයි. දැන් Sidebar එකට Add කරන විදිය බලමු.

මුලින්ම Appearance -> Widgets යන්න. දැන් ඔයාට  Widgets කිහිපයක්ම බල ගන්න පුළුවන් වෙයි. අ අතරින් “Recent Posts Extended” කියන එක උඩ click කරන්න.

එතකොට එන list එකෙන් ඔයාට අවශ්‍ය sidebar එක තෝරන්න. ගොඩක් වෙලාවට Right Sidebar එක වෙන්න ඕන ඔයා use කරන්නේ. දැන් Add Widget කියන button එක click කරන්න.

එත් එක්කම ඔයාට මේ Plugin එකේ Settings ටික බල ගන්න පුළුවන් වෙනවා. එකෙන් ඔයාට ඔයාට අවශ්‍ය විදියට පොස්ට් පෙන්නන්න ඕන විදිය හද ගන්න පුළුවන්.

Title කියන තැනින් ඔයාට කැමති Title එකක් දෙන්න පුළුවන් ඔයාගේ Recent Posts වලට.

Post Types කියන තැනින් ඔයාට තෝරන්න පුළුවන් මොන මොන type වල පොස්ට් ද පෙන්නන්න ඕනේ කියලා. උදාහරණයක් විදියට ඔයාගේ Pages මෙතන පෙන්නන්න ඕනේ නැත්තන් ඔයාට එක tick නොකර තියන්න පුළුවන්.

තව ගොඩක් වටිනා option එකක් තමයි Limit to Category කියන්නේ. එකෙන් අපිට ඕන Category යටතේ තියෙන පොස්ට් විතරක් පෙනන්න හදන්න පුළුවන්.

Thumbnail කියන තැනින් ඔයාගේපොස්ට් image එකේ size එක වෙනස් කරන්න පුළුවන්.

Excerpt length කියන්නේ පොස්ට් එකේ තියෙන විස්තරේ පෙන්නන්න එක. එක ඔයාට කැමති අකුරු ගානකට set කරන්න පුළුවන්. හරියට පැහැදිලි නැත්තන් බය වෙන්න එපා ඔයා sidebar එකේ මේක දකිද්දී තේරෙයි.

දැන් site එක view කරලා බලන්න. ඔයාට ඔයාගේ Recent Post ලස්සනට බල ගන්න පුළුවන් වෙයි sidebar එකේ.

තව අපිට පොඩි දේවල් ටිකක් කරන්න පුළුවන් CSS පාවිච්චි කරලා. ඔයාට පේනවා ඇති text-size එක පොඩි වැඩි කියලා. එක ලොකු කරන්න අපිට පුළුවන්.

එක කරන්න Plugin Settings වල පහලට යන්න. Custom CSS කියලා option එකක් තියෙනවා. ඔකේ Use Default Styles කියන tick එක අයින් කරන්න.

දැන් පහල image එකේ තියෙන විදියට font-size කියන එක 16px වලට හදන්න. දැන් Save කරලා බලන්න Font size එක ලොකුවෙලා තියෙනවා.

මේ විදියට ගොඩක් ලේසියෙන් ඔයාට Sidebar එක ගොඩක් දේවල් වලට use කරන්න පුළුවන්. මන් හිතනවා දැන් ඔයාලට ලස්සන Recent Post Sidebar එකක් හද ගන්න පුළුවන් කියල.

අපිත් එක්ක එකතු උනාට ස්තුතියි. දිගටම WPSinhala එක්ක රැඳිලා ඉන්න. WordPress ගැන ඉගන ගන්න. අපේ YouTube Channel එක Subscribe කරන්නත් අමතක කරන්න එපා.

Tags:

WordPress Sinhala Tutorials, WordPress Sinhalen, make a website sinhala, online money sinhala, wordpress site sinhala

Responses

Your email address will not be published. Required fields are marked *