SEO Sinhala – Step by Step SEO Beginner Guide (SEO Sri Lanka)

SEO Sinhala Guide

SEO කියන්නේ ඇත්තටම ලොකු subject එකක්. මේ SEO Sinhala Guide එකෙන් ඔයාලට SEO ගැන දැන ගන්න අවශ්‍ය දේවල් සරලව ඉදිරිපත් කරලා තියෙනවා.

SEO Sri Lanka වට නැත්තන් සිංහල websites වලටත් භාවිත කරලා Rank එක වැඩි කර ගන්න පුළුවන්.

මොකක්ද SEO කියන්නේ? (SEO Sinhala)

SEO (Search Engine Optimization) කියන්නේ සරලවම වෙබ් අඩවියකට Google වැනි Search Engine මගින් traffic ගෙන්වා ගැනීමයි.

අපිට යමක් අන්තර්ජාලය හරහා කර ගැනීමට අවශ්‍ය වූ විට බොහෝවිට Google වැනි Search Engine එකක් හරහා අවශ්‍ය දේ Search කරනවා. එවිට Search Results රාශියක් අපිට ලැබෙනවා. එලෙස ලැබෙන Results අතුරින් වෙබ් අඩවියකට පිවිසිලා අදාල තොරතුර හෝ සේවාව ලබා ගන්නවා.

SEO වල අපේක්ෂාව වෙන්නේ මේ විදියට යමෙක් යම් දෙයක් Search කල විට ලැබෙන Search Results List එකෙහි උඩින්ම තම වෙබ් අඩවිය දිස් වීමයි. එමගින් එම පුද්ගලයා තම වෙබ් අඩවියට පිවිසීමට ඇති ඉඩ කඩ බොහෝ වැඩියි.

google results - sinhala

කොහොමද SEO එක මේ විදියට වැඩ කරන්නේ?

Google Search Engine එක ගත්තොත් ඔවුන්ගේ Algorithm එකක් මගින් අන්තර්ජාලයේ තිබෙන websites වලට ගොස් එහි ඇති දේවල් බලනවා.

ඉන්පසු එම වෙබ් අඩවි වල තිබෙන දේ search engine වල index වලට එකතු කර ගන්නවා. එවිට යම් පුද්ගලයෙක් යමක් Google හි search කල විට අර index කර ගත් pages වලින්, පුද්ගලයා search කරපු දෙයට අදාල වෙබ් පිටු සොයා, ඒවා එම පුද්ගලයට පෙන්වනවා.

එලෙස search කරපු දේට ගැලපෙන වෙබ් පිටු සොයා ගැනීමට සාධක විශාල ප්‍රමාණයක් භාවිත කරනවා.

දැන් එහනම් අපි බලමු කොහොමද වෙබ් අඩවියක් SEO හදා ගන්නේ කියලා.

Website’s Authority

වෙබ් අඩවියක් ලබාදෙන තොරතුරු හෝ සේවාවන් විවිද අංශ වකට වෙන් කරන්න පුළුවන්. එක වෙබ් අඩවියක් මාතෘකා කිහිපයකට අදාල වෙන්නේ නැහැ.

උදාහරණයකට කෑම වට්ටෝරු පිළිබඳ තොරතුරු තිබෙන වෙබ් අඩවියක, රූපලාවන්‍යට අදාල තොරතුරු තිබිල වැඩක් නැහැ.

ඉතින් කෙනෙක් කෑම වට්ටෝරු පිළිඹඳ සෙව්වොත් කෑම වට්ටෝරු ආශ්‍රිත තොරතුරු පමණක් තිබෙන වෙබ් අඩවි search results වල උඩින්ම බල ගන්න පුළුවන්,

Keywords

Keywords කියන්නේ කෙනෙක් search engine එකක type කරන දේට, උදාහරණයක් හැටියට “SEO Sinhala” කියලා කෙනෙක් search කරොත්ඒක keyword එකක්.

මේ keyword ගොඩක් වැදගත් SEO වලට. ඒකට හේතුව තමයි අපේ website එකේ පොස්ට් වල අපිට පුලුවන්නම් මිනිස්සු ඇත්තටම type කරන keywords ඇතුලත් කරන්න, අපේ වෙබ් අඩවිය SERPs (Search Engine Page Results) වල උඩින්ම rank වෙන්න තියෙන ඉඩකඩ වැඩියි.

හරියන Keywords හොයා ගන්න හැටි

දැන් ඔයාලට තේරෙනවා එහෙනම් keywords අපේ වෙබ් අඩවියට භාවිත කරන එක ගොඩක් වැදගත්. දැන් අපි බලමු කොහොමද මේ keywords හොයා ගන්නේ කියලා.

Google Search Suggestions

අපිට keywords හොයා ගන්න පුළුවන් ලේසිම විදිය තමයි Google Search Results Suggestions. Google එකට ගිහින් යමක් search කරොත් අපිට බලා ගන්න පුළුවන් search suggestions.

“Make a Cake” ලෙස search කල විට search results වලට අමතරව පහළින්ම මෙලෙස Search Suggestions බල ගන්න පුළුවන්. මෙලෙස පෙන්වන්නේ වෙනත් පුද්ගලයන් search කරනු ලබන keywords ය. එම නිසා එම keywords අපගේ පෝස්ට්ස් සඳහා භාවිත කරන්න පුළුවන්.

Keyword tools කියන්නේ keywords සොයා ගැනීම පහසු කිරීමට සකස් කර තිබෙන යම් යම් web apps. බොහෝ Keyword tools භාවිත කිරීමට මුදල් ගෙවිය යුතු අතර පහතින් නොමිලේ දෙන සේවා කිහපයක් බලා ගන්න පුළුවන්.

UberSuggest

UberSuggest යනු keyword Tool එකක්. මෙම වෙබ් අඩවියට ගොස් ඔයාට අදාල keyword එකක් ලබා දී search කල විට ඊට අදාලව තිබෙන වෙනත් keywords මෙන්ම ඒ ඒ keyword එකට ජනප්‍රිය වෙබ්පිටුද බලා ගන්න පුළුවන්.

How to Make SEO Friendly Website

දැන් අපි බලමු ඔයාගේ website එක SEO Friendly විදියට හදා ගන්නේ කොහොමද කියලා. මුලදීත් කිව්වා වගේ SEO Sri Lanka වේ අපේ සිංහල websites වලටත් වැදගත් වෙනවා.

1. On-Page SEO

On-Page SEO කියන්නේ ඔයා rank කරන්න හිතාගෙන ඉන්න pages හෝ posts SEO Friendly විදියට සකස් කරන එක. මේකට අපිට දේවල් කිහිපයක් කරන්න පුළුවන්.

• Keywords Post එකේ Title එකෙහි යෙදීම.

අපි පොස්ට් එකක් ලිව්වම එකට title එකක් තියෙනවා. ඒ post title එකේ ඒ පොස්ට් එකට අදාල keyword එක ඇතුලත් වෙනවනම් ඒ පොස්ට් එක rank වෙන්න තියෙන ඉඩ කඩ වැඩියි.

මගේ website එකේ පෝස්ට්ස් සිංහලෙන් නිසා, SEO Sri Lanka වේ අය Search කරද්දී “sinhala” keyword එක පාවිච්චි කරන නිසා තමයි ඒ keyword එක Title එකෙත් යොදාගෙන තියෙන්නේ.

SEO Sri Lanka Sinhala Guide (On Page SEO)
• කෙටි URL භාවිතා කිරීම සහ keyword ඇතුලත් වීම

පොස්ට් එකේ URL එක දිග එකක් උනොත් rank වෙන්න තියෙන හැකියාව අඩුයි. URL එක විදියට කෙටි සහ ගැලපෙන එකක් භාවිතා කරන්න. ඒ වගේම keyword එකත් URL එකට ඇතුලත් කරන්න. ඉහත උදාහරණය ගත්තොත් wpsinhala.com > make-website-sinhala underline කරල තියෙනනේ ඒ පොස්ට් එකේ URL එක.

• තොරතුරු ගොඩක් තිබෙන දිගු පොස්ට් සැකසීම

Google වල උඩින්ම ranking වෙන පොස්ට් බැලුවොත් ඒවාල content ගොඩක් තියෙනවා. Google algorithm එක හැමවෙලාවෙම බලන්නේ වෙබ් අඩවියකින් තොරතුරු හොයන අයට සම්පුර්ණ සහ ගැලෙපන තොරතුරු තියෙන posts පෙන්නන්න. එක නිසා පොස්ට් හදනකොට ඒ අදාල මාතෘකාවට අදාලව සම්පුර්ණයෙන්ම තොරතුරු ඇතුලත් කරන්න.

පොස්ට් එක Images, Videos වගේ දේවල් පාවිච්චි කරලා ලස්සන කරන්න.ඒකත් වෙබ් අඩවියට එන අය දිගින් දිගටම වෙබ අඩවිය තුල තියා ගන්න උදව් වෙනවා.

මිට අමතරව පොස්ට් ලියනකොට මේ පොස්ට් එකේ වගේ කෙටි ඡේද සහිතව ලියන්න. එතකොට කියවන කෙනාට අමරු නැතුව කියවන්න පුළුවන්. ඔයාගේ වෙබ් අඩවියට එන අය ගොඩක් වෙලා ඉන්නවනම් ඔයාගේ වෙබ් අඩවියේ, එකත් උදව් වෙනවා ranking වලට.

2. Technical Settings

• Mobile Responsive

මේ වෙනකොට අන්තර්ජාලය භාවිතා කරන විශාල පිරිසක් smartphone හරහා තමයි වෙබ් අඩවි වලට පිවිසෙන්නේ. එම නිසා වෙබ් අඩවිය smartphone වලත් හොදින් වැඩ කරන එකඉතාම වැදගත්. Google හරහා ලබාදෙන Mobile-Friendly Test වෙත ගොස් වෙබ් අඩවිය test කරන්න පුළුවන්.

• Page Speed

වෙබ් අඩවියේ වේගයත් SEO වලට යම් කිසි ප්‍රමාණයකින් බලපානවා. හොද speed එකකින් pages load වෙනවනම් ranking වලට එක උදව් වෙනවා. PageSpeed Insights මගින් වෙබ් අඩවියක වේගය test කරලා බලන්න පුළුවන්.

• Crawl Errors නැති වීම

Crawl Errors කියන්නේ Google algorithm එකට ඔයාගේ වෙබ් අඩවියේ pages index කර ගන්න බැරි වෙන ප්‍රශ්න ඇති වීමයි. Index කර ගන්න බැරි නම් අපේ වෙබ් site එක search results වලදී පෙන්නන්න විදියක් නැහැ.

මේ Crawl Errors ඔයාගේ website එකෙත් තියනවද කියලා බලා ගන්න පුළුවන් Google Search Console එක හරහා.

Optimize WordPress Website Using RankMath

RankMath SEO plugin එක තමයි මේ වෙනකොට ගොඩක් options අපිට නොමිලේ ලබා දෙන්නේ. WPSinhala website එකෙත් පාවිච්චි කරන්නේ මේ plugin එක. මේ හරහා ලේසියෙන්ම ඔයාගේ WordPress Website එක SEO Friendly විදියට හදා ගන්න පුළුවන්. WordPress වෙබ් අඩවියක් හදා ගන්න හැටි මුල ඉදන් How to Make a WordPress Website in Sinhala එකෙන් ඉගන ගන්න පුළුවන්.

හිතනවා මේ SEO Sinhala Tutorial එක ඔයාට උදව්වක් උනා කියලා. මේ දේවල් ඔයාගේ වෙබ් අඩවියේ කරොත් එහෙම ඔයාට පුළුවන් Google එකේ Ranking වල ඉස්සරහට එන්න.

SEO ගැන ඔයාගේ අදහස් පහලින් comment කරන්නත් අමතක කරන්න එපා. WordPress ගැන තව දේවල් දැන ගන්න WPSinhala YouTube Channel එක දැන්ම Subscribe කරන්න.

14 comments

Leave your comment