සරලව පියවරෙන් පියවර
වෙබ් අඩවියක් හදන හැටි
Coding දැනුමකින් තොරව වෙබ් අඩවියක් නිර්මාණය කර ගන්න හැටි සිංහලෙන් ඉගන ගන්න
What is WordPress?
සරලවම කිව්වොත් WordPress කියන්නේ වෙබ් අඩවි නිර්මාණය කරන්න යොදා ගන්න software එකක්. අපි මේවට කියනවා CMS එහෙමත් නැත්තම් Content Management Systems කියලා.
මේ CMS භාවිතා කරලා අපිට පුළුවන් coding දැනුමක් නොමැතිව websites නිර්මාණය කරන්න. මේවට තවත් උදාහරණ තමයි Jumla, Drupal, Shopify…
මේ අතරින් WordPress වඩා ජනප්රියයි. කොපමණ ජනප්රියද කියනවනම් අන්තර්ජාලයේ තියෙන වෙබ් අඩවි වලින් 38% ක් පමණ නිර්මාණය කරලා තියෙන්නේ WordPress භාවිතා කරලා. ඒ වගේම සියලුම CMS වලින් ප්රතිශතයක් ලෙස 64%ක් WordPress වලට හිමි වෙනවා.
WordPress වලින් හදන්න පුළුවන් Websites මොනාද?
WordPress වලින් ඕනෑම විදියක වෙබ් අඩවියක් හදා ගන්න පුළුවන්. Blog, Business website, Ecommerce site, LMS site ඇතුළු ඕනෑම ආකාරයක වෙබ් අඩවියක් coding නොමැතිව හදා ගන්න පුළුවන්.