Website එකක් හදනවනම් අවශ්‍යම දෙයක් Domain එක. ශ්‍රී ලංකාවට අවේනික domain එක තමයි lk. මේ පොස්ට් එකෙන් ඔයාට දැන ගන්න පුළුවන් කොහොමද .lk domain එකක් මිලදී ගන්නේ කියලා.
Country Code Top-Level Domain – ccTLD
Domain වර්ග රාශියක් තියෙනවා. ඔයාලට ගොඩක්ම හුරු ඒවා තමයි .lk, .com කියන්නේ. .com කියන්නේ ජාත්‍යන්තර වශයෙන් හැමෝම වගේ භාවිත කරන Domain එක.
.lk කියන්නේ ශ්‍රී ලංකාවට අවේනික domain එක. මේ විදියට එක් එක් රටවල් වලට වෙන්වුන domains තියනවා. (උදා: .in, .uk, .de)
LK Domain වල වාසි
ඔයා website එකක් පටන් ගන්නවනම් සහ ඔයාගේ බලාපොරොත්තුව ශ්‍රී ලංකාවේ ජනයා අතරට යාමට නම් හොඳම domain එක .lk. මේකට හේතු කිහිපයක් තියෙනවා,
- අන්තර්ජාලයේ ශ්‍රී ලාංකේය අනන්‍යතාවය
- ශ්‍රී ලාංකිකයන්ට වඩාත් සමීපයි
- .lk හා සබැඳි සන්නාමයක් නිර්මාණය කර ගත හැකියි. (උදා: ikman.lk)
- ශ්‍රී ලංකාව තුල ඉහල SEO Ranking ලබා ගත හැකියි.
LK Domains ගන්නේ කොහෙන්ද?
ශ්‍රී ලංකාව තුල .lk domains නිකුත් කරන නිල සහ එකම ආයතනය domains.lk (nic.lk). මීට අමතරව ඔවුන්ගේ resellers හරහා ද මිලදී ගත හැකියි.
Domains.lk විසින් කාණ්ඩ 5ක් යටතේ domains නිකුත් කරනවා.
CAT1 – Full Domain Package
මෙම කාණ්ඩයේ domain එකක් මිලදී ගැනීමේදී ප්‍රධාන domain එකට අමතරව Secondary Domains 5ක් ද ලැබෙනවා.
මිල: රු. 5000
CAT3 – Second Level Domain only
මෙම කාණ්ඩයේ domain එකක් මිලදී ගැනීමේදී ඔබට Secondary Domain එකක් ලබා ගත හැකියි.
මිල: රු. 1000
CAT3 – Second Level Domain only
මෙම කාණ්ඩයේ domain වල අකුරු තුනක් පමණක් තිබේ. ප්‍රධාන domain එකට අමතරව Secondary Domains 5 ද ලැබෙනවා.
මිල: රු. 10000
CAT2 – Full Domain Package
මෙම කාණ්ඩයේ domain එකක් මිලදී ගැනීමේදී ඔබට අවශ්‍ය domain එක පමණක් ලබා ගත හැකියි.
මිල: රු. 3000
CAT4 – Premium Domain
මෙම කාණ්ඩයේ domain වල අකුරු දෙකක් පමණක් පැවතීම විශේෂයි. ප්‍රධාන domain එකට අමතරව Secondary Domains 5 ද ලැබෙනවා.
මිල: රු. 25000
LK Domains මිලදී ගන්න හැටි
වඩාත් පැහැදිලිව මෙය තේරුම් ගන්න මේ video එක බලන්න.
පියවර 1
domains.lk වෙත ගොස් අවශ්‍ය domain එක ලබා දෙන්න. ඉන්පසු ඔබට අවශ්‍ය Domain Package එක තෝරා “Add to Cart” ලබා දෙන්න.
පියවර 2
Register.lk ගිණුමක් සදා ගන්න. ඔබගේ email එකට ලැබෙන code එක හරහා verify කරන්න.
පියවර 3
ඔබගේ සහ domain එක ලබා ගැනීමට හේතුව සමග විස්තර නිවැරදිව ලබා දෙන්න. ඉනපසු ඔබගේ domain එකට අනුමැතිය ලැබෙන තුරු සිටින්න. බොහෝ විට වැඩ කරන දිනක් තුල අනුමැතිය ලැබෙනවා.
පියවර 4
ඔබගේ Domain එකට අනුමැතිය ලැබුනු විට email පණිවිඩයක් ලැබෙනවා. දැන් ඔබට අදාල මුදල ගෙවිය හැකියි.
පියවර 5
ඉන්පසු යම් වෙලාවකින් පසුව ඔබගේ domain එක ඔබට භාවිතා කිරීමට පුළුවන්.
ඕනෑම පියවරකදී ඔබට ගැටළුවක් මතුවුවහොත් domains.lk සම්බන්ධ කර ගෙන එයට විසදුමක් ලබා ගත හැකියි.
A Very important blog….Thankyou!!!
Prashna wagayak thiyanawa ahanna number eka dennako
Email me…