Dropshipping Sinhala Tutorial – 2020

Dropshipping Sinhala Tutorial

අපි ගොඩක් දෙනෙක් පාසල් ගිහින් හොදට ඉගන ගෙන, හොද රැකියාවක් කරලා දියුණු වෙන්න තමයි පොඩි කාලේ හිතාගෙන ඉන්නේ. නමුත් පාසල් කාලය අවසන් වෙලා රැකියා වෙළඳපොළට පැමිණීමත් එක්ක අපිට තේරෙන දේ තමයි රැකියාවකින් දියුණු වෙන එක එතරම් ලේසි නැහැ කියන එක.

දියුණු වෙන පිරිසකුත් ඉන්නවා, හැබැයි ඒකට සෑහෙන්න කාලයක් ගත වෙන්න පුළුවන්. Promotion හම්බෙනකන් ඉදලා ලොකු කට්ටක් කාල තමයි යම්කිසි තැනකට එන්න පුළුවන්.

අපිට තේරෙන දෙයක් තමයි ඉක්මනින් දියණු වෙන්න නම් තමන්ගේම Business එකක් කරන එක තමයි හොඳම දේ. හැබැයි Business එකක් පටන් ගන්න එක ලේසි නැහැ. විශාල මුදලක් යට කරන්න වෙනවා.

  • ව්‍යාපාර ස්ථානයේ කුලිය
  • සේවකයන්ට ගෙවීම්
  • නීතිමය වියදම්

මේ එකවරම මතකයට එන වියදම් කිහිපයක් පමණයි. මේ තියෙන බොහෝ වියදම් නොමැතිව පහසුවෙන් ආරම්භ කරන්න පුළුවන් Business එකක් තියනවා කිව්වොත් ඔයත් ඒකට යොමු වෙනවද? ( ඉතුරු ටික කිවන්න කලින් පහලටම ගිහින් ඔව් හෝ නැහැ කියල Comment එකක් දාන්න. )

පොස්ට් එකේ Title එකෙන්ම කොහොමත් ඔයාල දන්නවා ඒ තමයි Dropshipping Store එකක් පටන් ගන්න එක. Dropshipping වලින් අපිට පුළුවන් අපේම Business එකක් අඩු අවධානමකින් පටන් ගන්න. මේ Dropshipping Sinhala Tutorial එකෙන් මන් ඔයාලට පෙන්නන්න හදන්නේ කොහොමද Dropshipping Business එක පටන් ගන්නේ කියලා.

What is Dropshipping?

Dropshipping වලදී වෙන්නේ වෙනත් කෙනෙක් ලග විකුනන්න තියෙන භාණ්ඩයක්, අපගේ Store එකක් හරහා පාරිභෝගිකයෙකුට විකිණීමයි.

උදාහරණයකට AliExpress එකේ “පෑනක් ” තියනවා විකුනන්න රු. 7 කට. අපි Ecommerce Website එකක් හදලා ඒ පෑන රු. 20කට විකුණනවා. එතකොට ඔයාලට පෙන්වා අපිට ලාභයක් තියෙනවා.

What is Dropshipping Sinhala

සාමන්‍ය ව්‍යාපාරයකට වඩා Dropshipping වල තියෙන විශේෂත්වය තමයි,

  • විකුණන්න කලින් භාණ්ඩයක් තියෙන්න අවශ්‍ය නැහැ.
  • භාණ්ඩ ගබඩාවක් අවශ්‍ය නැහැ.
  • ව්‍යාපාර ස්ථානයක් අවශ්‍ය නැහැ.
  • වැය කල යුතු මුදල විශාල ලෙස අඩුයි.
  • අන්තරජාලය ඔස්සේ ව්‍යාපාරය ඕනෑම තැනක සිට හැසිරවිය හැකි වීම.

Dropshipping Business එකක් පටන් ගන්නේ කොහොමද?

Dropshipping Business එකක් පටන් ගන්න පහත දේවල් අවශ්‍ය කරනවා.

  1. මුලින්ම Product Niche එකක් නැත්තන් භාණ්ඩයක් හෝ භාණ්ඩ කණ්ඩයක් තිබිය යුතුයි.
  2. භාණ්ඩ ලබා ගැනීමට Supplier කෙනෙක් සිටිය යුතුයි.
  3. Ecommerce Website එකක් තිබිය යුතුයි.
  4. Marketing කල යුතුයි.

1. Product Niche එකක් තෝරා ගැනීම.

Dropship Business එකක් පටන් ගන්නවනම් එකේ ප්‍රධානම දේ තමයි නිවැරදි භාණ්ඩයක් තෝරා ගන්න එක. අපි විකුණන්න භාණ්ඩයක් හොයනෙක ගැන කතා කරද්දී එන පලවෙනි ප්‍රශ්නය තමයි General Store එකක් පටන් ගන්නවද Niche Store එකක් පටන් ගන්නවද කියන එක.

General Store එකක් කියන්නේ විවිධ භාණ්ඩ විකුණන store එකකට. උදාහරණයක් විදියට Daraz.lk, Amazon වගේ Ecommerce Websites වල එක වර්ගයකට අදාළ භාණ්ඩ නෙමෙයි, විවිධ වර්ගවල භාණ්ඩ තියෙනවා.

සාමාන්‍යයෙන් Dropshipping වලට මෙවැනි Store එකක් තොර ගන්න එක එතරම් සුදුසු නැහැ. එකට හේතුව තමයි විශාල තරඟයක් තිබීම.

Niche Store එකක් කියන්නේ එක භාණ්ඩ කණ්ඩයක් පමණක් විකුණන එක. උදාහරණයක් විදියට සුරතල් සතෙකු වන බල්ලන් සඳහා අවශ්‍ය භාණ්ඩ. Dropship Store එකක් හරහා භාණ්ඩ විකිණීම සිදු කරන්නේ ඇමරිකාව වැනි රටවල් වලටයි. ඉතින් ශ්‍රී ලංකාව තුල මෙවැනි භාණ්ඩ වලට ඉල්ලුමක් නොතිබුනත් ඇමරිකාව වැනි රටවල් වලට විශාල ඉල්ලුමක් පවතිනවා.

ඒ ආකාරයට බල්ලන්ට අවශ්‍ය Jacket, Colar වැනි දේ පමණක් විකුණන Store එකක් මගින් සුරතල් සතුන් ඇති කරන අයගේ ආකර්ෂණය අපගේ Store එකට ලබා ගැනීම පහසු වෙනවා.

සාර්ථක Dropship භාණ්ඩයක් තෝරා ගන්නේ කෙසේද?

කලිනුත් පෙන්වාදුන් ආකාරයටම Dropshipping වල ප්‍රධානම හා වැදගත්ම දෙයක් තමයි නිවැරදි භාණ්ඩ තොර ගන්න එක. පහත දෑ ඔබ තෝරා ගන්න භාණ්ඩයේ තිබෙනවානම් ඒක සාර්ථක භාණ්ඩයක් විය හැකියි.

  • ඍජුවම ප්‍රශ්නයකට පිළිතුරක් ලැබෙන භාණ්ඩයක් වීම
  • ඉහල ඉල්ලුමක් තිබීම
  • භාණ්ඩය ආකර්ෂනාත්මක වීම
  • ලාභදායි ලෙස මිල කිරීමේ හැකියාව.

Dropshipping Store එකක් හදන්නේ කොහොමද?

Dropshipping ගැන කතා කරද්දී ගොඩක්ම ජනප්‍රිය Platform එකක් තමයි Shopify කියල කියන්නේ. Shopify හරහා ලේසියෙන්ම ඕනෑම කෙනකුට Dropship Store එකක් හදා ගන්න පුළුවන්.

බොහෝ වෙලාවට Dropshipping වලදී භාණ්ඩ ලබා ගන්නේ AliExpress හරහා. Shopify වල තිබෙන Oberlo Tool එක මගින් ඉතාමත් පහසුවෙන් AliExpress හි භාණ්ඩ Shopify වෙත Import කරන්න පුළුවන්.

මීට අමතරව Woocommerce හරහාත් Dropshipping Store පවත්වාගෙන යෑම ජනප්‍රියයි. Woocommerce වලදී AliDropship Plugin එක හරහා භාණ්ඩ import කිරීම සිදු කරන්න පුළුවන්.

11 comments

  • D.G.M. SANJEEWA

    YES,

  • සමන්ත වෙත්තසිංහ

    මිනිස්සු මුදල් දීලා ඉගෙන ගන්න ඒවා ඔයා නො⁣මිලේම කරනවා..ගොඩාක් පින්.මම ගිය සතියේ රු 2000 ක් දීලා nirwan කියන මල්ලීගේ වීඩියෝ ටික ගත්තේ dropshipping .අපි ශ්‍රී ලාංකිකයන් විදියටදෙන උදව් හදවතින්ම දෙන්න ඕනෑ.ඔයාට බුදු සරණයි .ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලැබේවා …ජයෙන් ජය
    මම
    සමන්ත වෙත්තසිංහ , ඇහැළියගොඩ

  • Thausha

    ඔව්

  • Ow

  • Theeksana

    Bitcoin gana poddak wisthara karannoko
    PayPal magin salli gonna ganne khomada

  • Hasitha

    Woocommerace course akak thiyanawada mallee mata dropshipping walata

  • pay here nathuwa paypal add karala money tranfer krna vidiya gana video 1k krnna

  • Chamika

    Bro lokuma avula thamayi paypal eken salli ganna eka. Ekata visadumak dennako.pls

  • Dropshiping store web site ekak hada gena dropshiping keroth suspend getalu enawada

Leave a Reply to Thushara (Cancel Reply)