How to Create A Blog in Sinhala

How to make a blog Sinhala

ඔයාට බ්ලොග් එකක් හදාගන්න අවශ්‍යනම් ඒක කරගන්න හැටි මුල ඉදන් අග දක්වාම මේ How to make a blog Sinhala පොස්ට් එකෙන් දැන ගන්න පුළුවන්.

බ්ලොග් එකක් මගින් ඔයාට ලිපි ලියන්න අවස්ථාව ලැබෙනවා. ඔයා විනෝදාංශයක් විදියට ඔයා කැමති දේවල් පිළිබඳව වෙන්න පලුවන්, එහෙමත් නැත්තනම් AdSense හෝ වෙනත් ආකාරයකින් අදායමක් ඉපයීමේ බලාපොරොත්තුවෙන් වෙන්න පුළුවන්.

මේ ඕනෑම අරමුණකට මේ පෙන්නන විදියට blogsite එකක් ඔයාටම හදා ගන්න පුළුවන්.

බ්ලොග් එකක් හදන්න හොඳම හා පහසුම platform එක WordPress. ඔයාට ඕනෑම විදියකට හදා ගන්න අවස්ථාව තියෙනවා.

WordPress Blog එකක් හදන්න අවශ්‍ය කරන දේවල්

  1. A Domain
  2. Web hosting
  3. WordPress

Getting A Domain

Domain එක කියන්නේ සරලව ඔයාගේ බ්ලොග් එකේ ලින්ක් එක. උදා: wpsinhala.com

ඔයාගේ බ්ලොග් එකේ ලියන පොස්ට් වලට ගැලපෙන domain එකක් තෝරා ගන්න. ඒ වගේම ලේසියෙන් කියවන්න පුළුවන්, ගොඩක් දිග නැති එකක් නම් වඩා සුදුසුයි.

Domain extension එක ගැනත් සැලකිලිමත් වෙන්න ඕනේ. උදාහරනයක් විදියට .lk , .com. ලංකාව target කරලා හදන blog එකක්නම් .lk domain එකකට යන එක වඩා සුදුසයි.

එහෙම නැත්තන් .com domain එකකට යන්න. .com එක තමයි ලෝකෙම බහුලව භාවිතා වෙන්නේ. එක නිසා ශ්‍රී ලංකාව ඇතුලේ උනත් වෙන රටකට උනත් .com තමයි හොඳම option එක.


Web hosting

වෙබ් හොස්ටින් කියන්නේ ඕනෑම වෙබ්සයිට් එකකට ගොඩක් වැදගත් දෙයක්. website එකේ speed එක, security එක වගේ දේවල් වලට කෙලින්ම බලපානවා.

Best Web Hosting ලින්ක් එකට ගියොත් මම recommend කරන hosting ඔයාට බලා ගන්න පුළුවන්.

ඒ වගේම ඒ ඒ හොස්ටින් වලින් කොහොමද WordPress install කරගන්නේ, Email හදා ගන්නේ වගේ ඔයාට වැදගත් වෙන හැම විස්තරයක්ම video මගින් ඔයාට දැන ගන්න පුළුවන්.


WordPress

Domain සහ Hosting අර ගත්තට පස්සේ WordPress Install කර ගන්න පුළුවන්. ඒ හැමදෙයක්ම ඔයා තෝරා ගත්ත හොස්ටින් එක හරහා කරන හැටි දැන් ඔයා දන්නවා.

දැන් කරන්න තියෙන්නේ ඔයාගේ Blog එක හදා ගන්න එක. බ්ලොග් පොස්ට් එකක් ලියන තැන ඉදලා ඒ සඳහා අවශ්‍ය කරන හැමදේම මේ video එකෙන් මම පැහැදිලි කරනවා.

How to Create Blog – Sinhala


මම හිතනවා Make A WordPress Blog Sinhala Tutorial එක ඔයාගේ බ්ලොග් එක හදා ගන්න ඔයාට උදව් වෙන්න ඇති කියලා.

ඒවගේම ගැටලුත් ඇති වෙන්න ඇති, ඒවා Forum එකේ හෝ පහලින් comment කරන්න.

Ecommerce Website එකක් හදා ගන්න හැටි දැන ගන්න කැමතිනම් මේ පොස්ට් එක බලන්නත් අමතක කරන්න එපා.

පොස්ට් එක බැලුවට හැමෝටම ස්තුතියි!

4 comments

  • සුපුන්

    ක්‍රියාත්මකයි

  • අයියේ ඔයාගේ Website එකේ තියෙනවා වගේ Login & Sign Up ඇඩ් කරන්නේ කොහොමද කියලා Video එකක් දාන්නකෝ.
    Plz !

  • Great tips and good to find your blog with the latest tips and ideas on WP blogging. I would like to speak to you about WordPress hosting services and the SeekaHost blog hosting control panel app.

Leave your comment