Best Web Hosting Sri Lanka

Web Hosting Sri Lanka

ඔයත් website එකක් හදනවනම් web hosting කියන එක ගොඩක් වැදගත් දෙයක්. website එකක ගොඩක් දේවල් ඔය අර ගන්න hosting එක මත රඳා පවතිනවා.

මේ Web Hosting Sri Lanka Guide එකෙන් ඔයාට හොඳම hosting provider කෙනෙක් හොයා ගන්න පුළුවන්.


What is web hosting?

website එකක් host කරනවා කියන්නේ, සරලවම කිව්වොත් ලෝකේ ඕනෙම තැනක ඉදන් ඔයාගේ website එක access කරන්න පුළුවන් විදියට Live Server එකක ඔයාගේ website එක ගබඩා කරන එක.

What is web hosting

Icons made by prettycons from www.flaticon.com

මේ විදියට Server එකක ඔයාගේ website එක store කරලා තියෙද්දී තමයි කව්රුහරි අන්තර්ජාලය ඔස්සේ ඔයාගේ domain එකට අවම ඔයාගේ website එක ඒ කෙනාට පෙන්නන්නේ.


විවිධ Web Hosting වර්ග

Shared Hosting

ගොඩක්ම websites තියෙන්නේ මේ hosting කාණ්ඩයේ. මෙහිදී එක server එකක් තුල websites කිහිපයක් host කරලා තියෙනවා.

ගොඩක් websites මේක පාවිච්චි කරන්න හේතුව අඩු මුදලක් වැය වීම. වැඩි පිරිසක් එකම server එකක් භාවිතා කරන නිසා එක්කෙන්ක්ට අඩු මුදලකට තමන්ගේ website එක host කර ගන්න පුළුවන්.

නමුත් මේකේ තියෙන අවාසි තමයි

  • තවත් websites ඇති නිසා වේගය සිමාකාරී විය හැකියි.
  • Security පිළිඹඳ ගැටළු ඇතිවිය හැකියි. (එක් වෙබ් අඩවියක ප්‍රශ්නයක් නිසා අනෙකුත් වෙබ් අඩවි වලටද බලපෑම් එල්ල විය හැකියි.)
  • එක් websites එකක් විසින් server resources (RAM,CPU, etc..) වැඩියෙන් භාවිතා කිරීම නිසා server down time ඇති විය හැකියි.

Dedicated Web Hosting

මෙහිදී සිදුවන්නේ server එකක් ඔබටම වෙනම ලබා ගැනීමයි.

උදාහරණයක් විදියට shared hosting වලදී ගෙදරක කාමර වෙන් වෙන්ව rent එකට දෙනවා. Dedicated hosting වලදී ගෙදරම rent එකට දෙනවා.

මෙහිදී ඔබට අවශ්‍ය විදියට server එක භාවිතා කල හැකියි. ඔබට server resources වැඩියෙන් ඇති නිසා වේගවත් website එකක් පවත්වා ගන්න පුළුවන්.

එමෙන්ම ආරක්ෂාවත් ඉහලයි. බොහෝවිට විශාල ව්‍යාපාර වල භවිතා වෙනවා. මිල අධිකයි.

Cloud Web Hosting

Cloud hosting වර්තමානයේ ජනප්‍රියයි. මෙහිදී servers කිහිපයක් සම්බන්දකර Virtual Server එකක් හරහා hosting පහසුකම සපයනවා.

එක් server එකක ගැටළුවක් ආවත්, අනෙක් server එකකින් website එක සාර්ථකව online තියා ගන්න පුළුවන්.

මේ නිසාම Down Time එකක් නැති තරම්. ඒ වගේම එක් hosting පැකේජයක සිට තවත් පැකේජයකට පහසුවෙන් මාරු වෙන්නත් පුළුවන්.


Web Hosting සේවාවක් තොර ගැනීමේදී සැලකිය යුතු කරුණු.

Speed

ඔයාගේ Website එක ඉක්මනට load වෙන එක ගොඩක් වැදගත්.

කව්රුහරි ඔයාගේ website එක click කරලා site එක load වෙන්න ගොඩක් වෙලා ගන්නවනම් ඒ කෙනා back ගිහින් වෙනත් site එකකින් අවශ්‍යතාව ඉටු කර ගන්න පුළුවන්.

ඔයා උනත් website එකකට ගියාම එක ගොඩක් වෙලා load වෙනවනම් ඒක හෙන වදයක්.

Security

Security කියන එක හැමදේකදිම තියෙන්න ඕනේ.විශේෂයෙන්ම අන්තර්ජාලයේදී. සෑම දිනකදීම websites විශාල ප්‍රමාණයක් hack වෙනවා.

මේ නිසා හොඳ security එකක් තියෙන hosting provider කෙනෙක් තොර ගැනීම වැදගත්.

SSL Certificate ලබාදීම අනිවාර්යෙන් බැලිය යුතුයි.

Uptime

Uptime කියල කියන්නේ server එක down නොවෙන එක. යම් ගැටළුවක් නිසා server එකේ දෝෂයක් ඇති උනොත් ඔයාගේ website එක වැඩ කරන්නේ නැති වෙනවා.

මේක කොහෙත්ම ඔයාගේ website එකට හොද නෑ. මේ වෙලාවට කාටවත් ඔයාගේ website එකට යන්න බැහැ.

ඒ වගේම downtime එද්දී Google වගේ search engine වලින් ඔයාගේ site එකේ ranking පහල දානවා. ඉතින් SEO වලට මේක කෙලින්ම බලපානවා.

Control Panel

ඔයාගේ website එක හා සම්බන්ද වැඩ කර ගන්න ඔයාට පහසු control panel එකක් තියෙන්න ඕනේ.

අලුතෙන් WordPress Install කරන්න, Domain එකටම වෙන්වුන Email හදා ගන්න, Sub domain add කර ගන්න, එත්ක මේ වගේ ගොඩක් දේවල් අපිට කරන්න පුළුවන්.

මේ දේවල් පහසුවෙන් කර ගන්න සුදුසු, පහසු Control Panel එකක් අපිට තියෙන්න ඕනේ. බහුලව භාවිත වෙන්නේ cPanel එක.

Support

Hosting service එකක් අර ගන්නකොට සැලකිලිමත් වෙන්න ඕනේ තවත් දෙයක් තමයි customer support එක.

විවිධ ගැටළු ඇති වෙන්න පුළුවන් ඔයාගේ website එක කරගෙන යනකොට. මේ වලින් hosting එක පැත්තෙන් ඇති වෙන ගැටළුත් තියෙනවා.

මේ වගේ වෙලාවට ඔයාට ලේසියෙන්ම එයාලව සම්බන්ද කරගෙන ප්‍රශ්නවලට විසඳුමක් ලබා ගන්න පුළුවන් වෙන්න ඕනේ.

විශේෂයෙන් 24/7 Live Chat support එක වැදගත්.

Best Web Hosting for Sri Lanka

මම Recommend කරන hosting services

ඔයාල WPSinhala මුල ඉදන් හිටියනම් දන්නවා මම recommend කරේ A2 Hosting සහ SiteGround Hosting.

මේ hosting දෙක ගොඩක් හොදයි. මන් කෙලින්ම ඕනම කෙනෙක්ට recommend කරනවා.

නමුත් මේ වල මිල ඉහල ගිහින් තියෙනවා මේ වෙනකොට. ගොඩක් දෙනෙක් අහනවා අඩු ගානකට ගන්න තියෙන hosting මොනවද කියල.

ගොඩක් අඩු ගණන්වලට තියෙන hosting කිසිම වටිනාකමක් නැහැ. ඔයාට හරියට website එක කරන්න ඕනෙනම් හොඳ hosting provider කෙනෙක් තොර ගන්න එක වැදගත්.

මම අඩු ගණන් වලට තියෙන hosting ගොඩක් බැලුවා. ඒ අතරින් HostArmada ගොඩක් හොඳයි. නමුත් මෙයාල ටිකක් අලුත් company එකක්.

පහල දේවල් බලලා ඔයාට ගැලපෙන hosting එක තෝර ගන්න. Web Hosting page එකට ගියොත් මේ hosting අරගෙන පාවිච්චි කරන හැටි ගැන දැන ගන්න පුළුවන්.

  • ඔයා වැඩිය technical නැත්තන් හෝ ලේසියෙන්ම වැඩ කර ගන්න ඕනේ නම්, SiteGround Hosting
  • cPanel පාවිච්චි කරලා වැඩ කර ගන්න නම් A2 Hosting. වැඩිය අමාරු නෑ.
  • ඔයා Technical නම් සහ මුදල් ටිකක් වැඩිපුර වියදම් කරන්න කැමතිනම් සහ ගොඩක් හොඳ perfomance ඕනේ නම් CloudWays තමයි හොඳම option එක.

6 comments

Leave your comment